FAST NEWS

24×7 Around the Globe

සංගා-මහේල හා ඔෂද ගැන මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්..

(ෆාස්ට් ගොසිප්  | කොළඹ)ශ්‍රී ලංකා කණ්ඩාමේ නවක ක්‍රීඩක ඔෂද ප්‍රනාන්දු අන්තර් සමාජ තරඟයන්හිදි හොඳින් ලකුණූ රැස් කරන ක්‍රීඩකයෙක් බවත් දකුණූ අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟාවලියේදි ඔහු දක්ෂතා අතරට පිවිසි බවත් ශ්‍රී ලංකා සිමීත පන්දුවාර නායක ලසිත් මාලිංග පළමු එක්දින තරගයෙන් අනතුරව මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරගෙන් පසුව අංක හතර ස්ථානයේ ක්‍රීඩා කිරිම සඳහා ධනාත්මක අයුරින් පිතිකරණයේ නියැලෙන මෙන්ම නැව්ගුරමක් බදුව කඩුල්ලේ රැඳි සිටින්නෙක් අවශව තිබු බවත් එය තමා එය එක්දින නායක ලෙස අපෙක්ෂා කළ බවත් මාලිංග සඳහන් කර තිබේ.
ඊට සුදුසු ඔෂද වැනි ක්‍රීඩකයෙක් සිටිම ගැන තමා සතුටු වන බවද ලසිත් මාලිංග පෙන්වා දී ඇත.
එසේම ඔෂද තවමත් මුල් කාලයේ පසුවන බවත් තවත් කාලයක් ක්‍රීඩා කිරිමෙන් අනතුරුව ඔහු සිටින ස්ථානය පිළිබඳව පැහැදිලිව හදුනාගත හැකි බවත්, ඔහු ඉතා හොඳ සොයා ගැනිමක් බවත් මාලිංග වැඩි දුරටත් පෙන්වා දී තිබේ.