(ෆාස්ට් නිව්ස් |කොළඹ) – සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග තරඟ පහකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී ඊයේ (03) පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරිමට දකුණූ අප්රිකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු දකුණූ අප්රිකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 කදී ලකුණු 231 කට සීමා විය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ දකුණූ අප්රිකා කණ්ඩායම පන්දුවාර 38 යි පන්දු 05 කදී කඩුලු 02 ක් පමණක් දැවි සිය ජයග්රහාහි ඉලක්කය සපුරා ගත්තේය.
දකුණු අපි්රකානුවන් අදාළ ජයත් සමග එක්දින තරගාවලියේ 1-0 ක් වශයෙන් පෙරමුණ ගැනීමට සමත් වී සිටියි.









