FAST NEWS

24×7 Around the Globe

පළමු එක්දින තරඟයට ක්‍රීඩා කරන අප්‍රිකා – ශ්‍රී ලංකා අවසන් 11 මෙන්න..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද (03) ජොහැන්ස්බර්ග්හිදි ආරම්භ විමට නියමිතය.
මෙම තරඟයට සිය පන්දු යැවිමේ ඉරියව්ව නිවැරදි කරගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ක්‍රීඩා කරනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.
එසේම ටෙස්ට් තරඟාවලියේදි වේග පන්දු යැවිමෙන් දක්ෂතා අතර පැමීණි විශ්ව ප්‍රනාන්දු හා කසුන් රාජීතද කණ්ඩයමට එක්වනු ඇති බවද පැවසේ.
ඔෂද ප්‍රනාන්දුද කණ්ඩයමට එක්වනු ඇති බව කියැවේ.
ඒ අනුව අද (03) තරඟයට ක්‍රීඩා කරනු ඇති බව කියන අවසන් 11 දෙනා පිළිබඳව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)
1.උපුල් තරංග 2.නිරෝෂන් දික්වැල්ල 3.ඔෂද ප්‍රනාන්දු 4.කුසල් මෙන්ඩිස් 5.කුසල් පෙර්රා 6.ධනංජය ද සිල්වා 7.තිසර පෙර්රා 8 අකිල ධනංජය 9.ලසිත් මාලිංග 10.කසුන් රාජීත 11.විශ්ව ප්‍රනාන්දු
දකුණු අප්‍රිකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි )
1.කුවීන්ටන් ඩී කොක් 2.රීසා හෙන්ඩ්‍රික්ස් 3.රසි වැන් ඩෙර් ඩුසෙන් 4.ෆප් ඩු ප්ලෙසීස් 5.ඩෙවිඩ් මිලර් 6.වයන් මුඩ්ලර් 7.ඇන්ඩිල් පෙහෙලුවකවායෝ 8.කාගිසෝ රාබාඩා/ඩේල් ස්ටෙන් 9.ඇන්රිච් නොර්ට්ජ් 10.ලුන්ගි නාගයිඩි 11.ඉමිරාන් තාහීර්