FAST NEWS

24×7 Around the Globe

මවගේ අවධානය අඩුවීමෙන් හුදකලා වන හමිඩ්….

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්තු 01 වනදා එනම් අද දිනයේ සිට සන්චිරියා, ලුකා චිප්පි සහ හමිඩ් බොලිවුඩ් සිනමා පට තුනම තිරගත වීමට නියමිතව තිබේ.
මූම්බායි සිනමා උළෙලේදී පූර්ව සිනමා දර්ශනය පැවැත්වුණු හමිඩ් සිනමා පටය රාජස්ථාන් අන්තර්ජාතික සිනමා උලෙළේදී හොඳම අධ්‍යක්ෂණයට (අයිජාස් ඛාන්) සහ හොඳම නිළියට (රසිකා දුගාල්) හිමි සම්මාන දිනා ගන්නා ලදී.
හමිඩ් යනු පියා අතුරුදන්වූ අට හැවිරිදි පිරිමි දරුවෙකි. ඔහුගේ මව දක්වන අවධානය අඩුකම නිසා හුදෙකලා වන ඔහු නිතරම සිහින මවන්නේ පියා මුණ ගැසීමට වන අතර අංක 786 නිතරම පාහේ හමිඩ්ගේ සිත වියවුල් කරයි.
අවසානයේදී පියාගේ පැරණි ජංගම දුරකථනයෙන් ඔහු 786 අමතන අතර දිනක් ඔහුට පිළිතුරක් ලැබෙයි. ඉන්පසුව හමිඩ්ගේ ජීවිත වඩා යහපත් වන අන්දම සිනමා පටය පුරාවටම විදහා දැක්වෙයි.
ලුකා චිප්පි චිත්‍රපටය ප්‍රේමය මුසු ප්‍රහසනයක් වන අතර ලුකා චුප්පිහි ගුඩ්ඩු (විනෝද්) රූපවාහිනී නාළිකාවක වාර්තාකරුවකු වන අතර ඔහුට අවශ්‍ය මුරණ්ඩු තරුණියක වන රශ්මි සමඟ විවාහ වීමටයි
නමුත් දෙදෙනාගේම සාම්ප්‍රදායික පවුල් මේ දෙදෙනාගේ ජීවිතවලට මැදිහත් වන අතර ඒ හා බැදුණු කතා පුවතක් චිත්‍රපටය පුරා දිවයයි.
සන්චිරියා හෙවත් චිරියාවේ පුතු යන අරුත රැගත් සන්චිරියා සිනමා පටයෙන් 1975 ජීවත්වූ මැර කල්ලි කිහිපයක් බලය සඳහා කරන අරගලයේ කතාවක් ගෙනහැර දක්වයි.

Image result for luka chuppi film