FAST NEWS

24×7 Around the Globe

මතභේදාත්මක තත්ත්වය යුද්ධයක් දක්වා ව්‍යාප්ත නොකරන ලෙස ඇමරිකාව ඉල්ලයි..


(ෆාස්ට් නිව්ස් | කොළඹ) ඉන්දීය හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් පකිස්ථානය විසින් බිද හෙලීමත් සමග දෙරට අතර හටගත් නොසන්සුන්කාරී වාතාවරණය සාමකාමීව සාකච්ඡාව කොට විසදා ගන්නැයි ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව දෙරටේ නායකයින්ට දැනුම් දී තිබේ.
මේ අවස්ථාවේදී වැදගත් වන්නේ දෙරටේ සිවිල් ජනතාවගේ සහ දකුණු ආසියානු කලාපයේ ආරක්ෂාවට මුල්තැන දීම බවද දෙරටම පෙන්වාදෙයි.
මේ වනවිට පවතින මතභේදය යුද්ධයක් දක්වා ව්‍යාප්තවීමට ඉඩ නොතබන ලෙස ඇමරිකාව පාකිස්ථානයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් ද කරයි.