FAST NEWS

24×7 Around the Globe

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ කාලය අද (28) අවසන්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ගස් කැපීම සඳහා භාවිත කරන කුඩා සහ විශාල ප්‍රමාණයේ යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය අද (28) සිට අවසන් වන අතර ඒ අනුව මෙලෙස ලියාපදිංචි කරන කියත් සම්බන්ධයෙන් පොලිස් ස්ථාන මට්ටමින් නාමලේඛනයක් සකස් කිරීමටද නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
ජනාධිපතිවරයා විසින් පරිසරය රැකගැනීම සඳහා ගෙන යනු ලබන වැඩපිළිවෙලට අදාළව මෙම වැඩපිළිවෙල සිදුකරනු ලබයි.
ඒ අනුව ගස් කැපීම සඳහා භාවිත කරන කුඩා සහ විශාල ප්‍රමාණයේ යාන්ත්‍රික කියත් බලපත්‍ර නොමැතිව ළඟ තබාගන්නා පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතය.