FAST NEWS

24×7 Around the Globe

මැක්ස්වේල්ගේ ප්‍රහාරය ඉන්දීයාව වයිට් වොෂ් කරයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉන්දීය කණ්ඩායම සමඟ පැවති තරඟ දෙකකින් යුත් විස්සයි – 20 තරඟාවලියෙන් 2-0 ලෙස පුර්ණ තරඟාවලි ජයක් වාර්තා කිරිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.
බැංගලොර්හිදි ඊයේ (27) පැවති තරඟයෙන් කඩුලු 07 ක ජයග්‍රහණයක් වාර්තා කිරිමත් සමඟ ඔස්ට්‍රේලයාව සිය තරඟාවලි ජයග්‍රහණය තහවුරු කර ගැනිමට සමත් විය.
කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවි ලකුණූ 190 ක් ලබා ගත්තේය.
ඉන්දීයාව වෙනුවෙන් විරාත් කෝලී ලකුණූ 77 ක් හා රෝහිත් ෂර්මා ලකුණූ 47 ක් ලබා ගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් හයේ පහර 09 ක් හතරේ 07 ක් සමග පන්දු 55 කදී නොදැවි ලකුණූ 113ක් ලබා ගනිමීන් ග්ලෙන් මැක්ස්වෙල් ලබා ගත්තේය.
ඔස්ට්‍රේලියාව පන්දුවාර 19 යි පන්දු 04 කදී ලකුණු 194 ක් ලබා ගනිමීන් සිය ජයග්‍රහණය සනිටුහන් කළේය.