FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ රන් ආකරයක් කඩා වැටී 60 ක් මරුට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ බොලාන්ග් මොන්ගොන්ඩෝ ප්‍රදේශයේ රන් ආකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.
එරට පොලිසිය සදහන් කරන්නේ එම රන් ආකරය නීති විරෝධී එකක් බවයි.
අතුරුදන් වූ පිරිස් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර තවත් 13 දෙනෙකු බේරා ගැනීමට මෙහෙයුම් අංශ සමත්ව ඇත.