FAST NEWS

24×7 Around the Globe

ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරඟය ගැන අයි.සී.සී තීරණය මෙන්න..

(ෆාස්ට් ගොසිප් | කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ ඉන්දීයාව හා පාකිස්ථානය අතර ජුනි 16 වැනිදා එංගලන්තයේ මැන්චෙස්ටර්හිදි පැවැත්විමට නියමීත තරගය නොපැවැත්විමට හේතුවක් නොමැති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබේ.
පසුගියදා පාකිස්ථාන ත්‍රස්ත කණ්ඩායම විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඉන්දීය හමුදා කණ්ඩායමක සමාජීකයින් ඝාතනය විම හේතුවෙන් නිර්මාණය වී පැවති අර්බුදකාරී තත්වය යටතේ දෙරට අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගය නොපැවැත්විමට ඉන්දීය අවධානය යොමු විමට ප්‍රතිචාර දක්වමීන් අයි.සී.සී මේ බව සඳහන් කර තිබේ.
අදාළ ප්‍රහාරය පිළිබඳව අයි.සී.සී ය හොඳින් අධ්‍යනය කළ බවත් එහිදි දෙරට අතර තරගය නොපැවැත්වීමට තරම් සාධක පෙනෙන්නට නොතිබු බවත් අයි.සී.සී ය ප්‍රකාශ කර තිබේ.
එසේම ක්‍රීඩාව තුලින් සාමුහිකත්වය,සාමය සහ සංහිදියාව ගොඩ නැගිම සඳහා මනා උත්තේජනයක් ලැබෙන බවත් අයි.සී.සී ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.