(ෆාස්ට් ගොසිප් | කොළඹ) – අරියාදු සිදුවුනොත් ලියුම් දීලා ගෙදර යන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය කෑගල්ල දිස්ත‍්‍රික්ක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.ඞී. චම්පිකා පේ‍්‍රමදාස මහතා ගලිගමුව සහ කෑගල්ල බල ප‍්‍රදේශවල ස්වෙච්ජා සමිති සඳහා උපකරණ බෙදාදීම වෙනුවෙන් පැවැති උත්සවයකට එක් වෙමීන් පැවසීය.
එහිදි අමාත්‍යවරයා මෙසේ පැවසීය.
‘දැදිගම ආසන සංවිධායක ධූරයෙන් ඉවත්කර ඒ සඳහා වසන්න සේනානායක මහතා ගෙන ඒමට කෑගල්ල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ප‍්‍රබල පාර්ලිමේන්තු අමාත්‍යවරයෙක් සහ කණ්ඩායමක් කටයුතු කරන බවත් පක්ෂයේ අසීරු අවස්ථාවලදි පක්ෂයත් පක්ෂිකයන් ආරක්ෂා කල තමන්ට එවැනි ආරියාදු සිදු වුවහොත් පක්ෂයේ නායකත්ය මණ්ඩලයට තම ඉල්ලා අස්වීමේ ලිපිය ලියා දී ගෙදර යන බව අමාත්‍ය වරයා පවසනවා.
මම ප‍්‍රාදේශිය සභාවෙන් පටන්ගෙන පළාත් සභාවට ඉන් පසුව පාර්ලිමේන්තුවට පස්වතාවක් ගිහින් අපරාජිත මන්ත‍්‍රීවරයෙක් ලෙස ගමනක් ආපු මිනිහෙක්. මට දැදිගම භාරගන්න කියල පක්ෂය විසින් මිට අවුරුදු ගණනාවකට කලින් මම රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන සමයේදි ඉල්ලීමක් කළා.
ඒ ඉල්ලීමට තමයි එදා මම දැදිගම භාරගත්තේ පක්ෂයට අමාරු අසීරු අවස්ථාවලදී දැදිගම එජාපය ආරක්ෂා කලේ මම දැන් මෙතනට වෙනත් උදවිය ගෙන්න උත්සහ කරන අය එදා කොහෙද හිටියේ ? මොනවද කලේ ? මම දේශපාලනයෙන් යැපෙන මිනිහෙක් නොවෙයි මම මාගේ ධනය දේශපාලනය වෙනුවෙන් කැප කරන පුද්ගලයෙක් එක නිසා මට මෙකෙන් ඉවත් වෙන්න අමාරු නැහැ ගමට වේලා මාගේ ව්‍යාපාර කරගෙන ඉන්න පුළුවන් සිතේ සැනසිල්ලේ අරියාදුවලට මං බය නැහැ එහෙම අරියාදු බිඳ ගෙන දේශාපාලනයට ආවේ නමුත් ඇතුලේ කුමන්ත‍්‍රණ කරලා මට අරියාදුකම් කරන්න අවොත් මං ඒවාට උත්තර දෙනවා ඔය ලොකුයි කියන උදවියට මම ලියුම ලියල තියෙන්නේ එක දෙන්න වැඩ සිද්ධ වුනොත් දීලා ගෙදර යනවා’
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.