FAST NEWS

24×7 Around the Globe

ලංකාවට පැමීණි ලක්මාල් ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත පහදයි..

(ෆාස්ට් ගොසිප් | කොළඹ) – දකුණූ අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණයෙන් අනතුරුව පිටවු ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපලෙන් අද (25) පෙරවරුවේ මෙරටට පැමීණ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
ඒ අනුව වීඩියෝව තුල ඇත්තේ සාමන්‍ය කතාබහක් බවත් සමහරු එය ගොඩක් දුර දිග ගෙන ගිය බව සුරංග ලක්මාල් මෙහිදි අවධාරණය කළේය.
සුරංග ලක්මාල් දැක්වු අදහස්..
“කණ්ඩායමක් විදිහට පසුගිය කාලයේ අපි පරාජයට පත් වුණා තමයි. නමුත් කෙසේ හෝ අපිට නැඟිටින්න පුළුවන් කියන විශ්වාසයත් එක්කයි අපි කටයුතු කළේ. පරිපාලනයවත් වෙන කවුරුවත් නෙමෙයි..අපි 11 දෙනා තමයි මැදට පැනලා ක්‍රීඩා කරන්නේ. වීඩියෝවේ සාමාන්‍ය දෙයක් අපි කතා කළේ.. සමහර අය ඒක ගොඩාක් දුර අරං ගියා. අපි කොයි වෙලාවෙවත් හිතුවේ නෑ..ඒක එළියට යයි කියලා. අපි දන්නෙත් නෑ වීඩියෝ කරනවා…වීඩියෝ එක එළියට දාපු එක්කෙනා ගැන ක්‍රිකට් බෝඩ් එක පියවර ගනී. කොහොම වුණත් ඒක කණගාටුදායක තත්ත්වයක්. අපිට අවවාද කළා..අපි ඒක පිළිගත්තා. තරගයක් ජයග්‍රහණය කරලත් ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණාම අපි තවත් පීඩනයකට ලක් වෙනවා”