(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටි ශ්‍රී ලාංකා ක්‍රීඩකයන් 08 දෙනෙකු අද (25 )දින පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.
දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 656 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඒ අනුව එක්දින හා විස්සයි – 20 තරගවලට ක්‍රීඩා නොකරන ක්‍රීඩකයින් වන කෞෂාල් සිල්වා , මොහොමඩ් සිරාඩ් , මිලින්ද සිරිවර්ධන, හසිත ඇඹුල්දෙණිය , අකිල ප්‍රනාන්දු , දිමුත් කරුණාරත්න , ළහිරු තිරිමාන්න, සුරංග ලක්මාල් යන ක්‍රීඩකයින් මෙසේ යළි දිවයිනට පැමීණ තිබේ.
ඔවුන් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් මෙන්ම ගුවන් තොටුපළ වෙත ගොස් සිටියහ.







