FAST NEWS

24×7 Around the Globe

ලොව කුඩාම ඇමති මණ්ඩලය ඇත්තේ මොන රටේද?ලංකාවේ…… අපේ ලංකාවේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනධිපතිවරයාට ඕනෑතරම් ප්‍රමාණයක් ඇමති මණ්ඩලයට පත් කරගැනීමේ හැකියාව තිබුනි. ඒ නිසා පසුගිය ආණ්ඩු ගණනාවකම මෙගා නැබිනෙට්ටු දක්නට ලැබිණි.

කෙසේ වෙතත් ලෝකයේ අඩුම සාමාජිකයින් සංඛ්‍යාවක් සිටිනා කැබිනට් මණ්ඩලයට හිමිකම් කියන රට බවට මේ වනවිට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවය. ජනාධිපතිවරයා, අගමැතිවරයා හැරුණු කොට අපේ රටේ කැබිනට් මණ්ඩලයේ දැනට විෂයයන් භාරදී ඇත්තේ ඇමතිවරුන් තිදෙනෙකුට පමණි. ඒ මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ සහ ඩී.එම් ස්වාමිනාදන් යන ඇමතිවරුන්ටය.
ඔවුන් තිදෙනාට ලබා දී ඇති විෂය පථයන්ට අමතරව ඇති අනෙකුත් සියළු විෂයයන් දැනට පැවරී ඇත්තේ ජනාධිපතිවරයා වෙතටය. ඒ අනුව ගත්කල මේ වනවිට අපේ රටේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන්නේ සාමාජිකයින් පස් දෙනෙකු පමණය. එය ලොව කුඩාම කැබිනට් මණ්ඩලය වනු නිසැකය.