(ෆාස්ට් නිව්ස් | කොළඹ ) – ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පාකිස්ථානය ඉවත් කිරිමට හෝ එසේ නොහැකිනම් ඉන්දීය කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කර ගැනිම සම්බන්ධයෙන් ,අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානියාගෙන් ඉල්ලීමක් කිරිමට අදාළව ලිපියක් ඉන්දීය ක්‍රීකට් පාලක මණ්ඩලය විසින් සකසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ පත් කළ කමීටුවකින් කළ නිර්දේශ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී විසින් අදාළ ලිපිය සකසා ඇති බවත් පැවසේ.
එසේම මෙම ලිපිය අයි.සී.සී ප්‍රධානියා වෙත යැවීම පිළිබඳව අවසන් තීරණය අද (22) දිනයේ ගැනිමට නියමීත බවත් කියැවේ.
පසුගියදා කාශ්මීරයේදි ඉන්දීය හමුදා සමාජීකයින් කණ්ඩායමකට එල්ලවු මරාගෙන මැරෙන තස්ත්‍ර ප්‍රහාරයක් හේතුවෙන් ඉන්දීයාව හා පාකිස්ථානය අතර නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වය මෙවැනි ලිපියක් සැකසීමට හේතු වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.







