FAST NEWS

24×7 Around the Globe

ඇඹුල්දෙණියට සති හයකට ක්‍රිකට් අහිමී වෙයි..

(ෆාස්ට් නිව්ස් | ොළඹ) දකුණු අප්‍රිකාව සමඟ ඊයේ (21) පොර්ට් එළිසබෙත්හිදී ආරම්භ වු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදි පන්දුවක් ඇගිල්ලක වැදි රෝහල් ගතකල ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණියට සති හයකට ක්‍රීඩා පිටියෙන් ඉවත් විමට වෛද්‍ය නිර්දේශය ලැබි තිබේ.
කාගිසෝ රබාඩා එල්ල කළ පහරක් අතේ වැදිමෙන් අනතුරුට පත් වු ලසිත්ව රෝහල් ගත කෙරුණු අතර එහිදි ශල්‍යකර්මයකට ලක් කර තිබේ.
ඉන් අනතුරුව වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ ඔහුගේ අබාධ තත්වය සුව අතට පත්විමට සති හයක පමණ කාලයක් ගත වන බවය.