FAST NEWS

24×7 Around the Globe

පළමු දිනය අවසානයේ – ශ්‍රී ලංකාව ලකුණු 162 ක් පසු පසින්..

(ෆාස්ට් නිව්ස් | ොළඹ) – දකුණු අප‍්‍රිකාව සමග පෝර්ට් එළිසබෙත්හිදී අද (21) ආරම්භ වු දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය (21) නිමාවට පත්වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 03 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියේය.
ඒ අනුව දකුණු අප්‍රිකා පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 162 ක් පසු පසින් සිටියි.
නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි ළහිරු තිරිමාන්න ලකුණු 25 ක් සහ කසුන් රාජීත ලකුණු නොලඹා සිටියහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 222 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
විශ්ව ප‍්‍රනාන්දු සහ කසුන් රාජිත කඩුලූ 3 බැගින් දවාගනිමින් එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.