FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකා පළමු ඉනිම අවසන්..

(ෆාස්ට් නිව්ස් – ොළඹ) –   සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (21) පෝට් එලිසබෙත්හිදී ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 222 කට දැවී ගියේය.
දකුණු අප්‍රිකා මුල් පෙළ කඩුලු 3 ලකුණු 15කදී බිඳ වැටිණි.
ඩීන් එල්ගා ලකුණු 06 කට දැවී ගිය අතර හෂීම් අම්ලාට සහ ටෙම්බා බවුමාට ලකුණු රැස් කිරීමට හැකි නොවීය.
ආරම්භක පිතිකරු ඒඩ්‍රන් මාක්‍රම් ලකුණු 60යි.
නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 25කට දැවී ගියේ ය.
සිය ටෙස්ට් දිවියේ 6 වන අර්ධ ශතකය වාර්තා කළ ඊඩ්න් මාක්රම් ලකුණු 60යි.
දකුණු අප්‍රිකා පිතිකරුවන් 6 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි නොවිණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු හා කසුන් රාජීත කඩුලු 03 බැගින් දවා ගත්තේය.