දහඅට හැවිරිදි විවාහක කාන්තාවකගේ පියයුරු සපා කෑ 25 හැවිරිදි එක්දරු පියකු පිළිබඳව වැලිගම ප්රදේශයෙන් වාර්තා වනවා.
අසනීප තත්ත්වයෙන් පසුවන තම මව බැලීමට පැමිණි දියණියට හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ සැකකරු මෙලෙස අතවර කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය වූ දින රාත්රියේ අතවරයට ලක්වූ කාන්තාව හා ඇගේ මව පමණක් නිවසේ සිට ඇති අතර නොකඩවාම බල්ලන් බුරන හඬක් ඇසී ඒ ගැන සොයා බැලීමට ඔවුන් ගෙවත්තට ගොස් තිබෙනවා.
සැඟවී සිටි සැකකරු දහඅට හැවිරිදි විවාහක කාන්තාව තමා වෙත ඇදගෙන හැට්ටය ඉරා දමා ඇගේ පියයුරු සපා කන්නට පටන් ගෙන ඇති අතර කෑ ගසන හඬ ඇසී එහි පැමිණි අසල්වාසීන්ගෙන් මිදී ඔහු පලාගොස් තිබෙනවා.
පසුව වැලිගම පොලිසිය මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.








