FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශයේ මහල් නිවාසයක ගින්නකින් 60 කට ආසන්න පිරිසක් මරුට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ ) –  බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ රාත්‍රී 10.40 ට පමණ එම නිවාස සංකීර්ණයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයක මෙම ගින්න හටගෙන තිබේ.
මෙම ගින්නෙන් 45 දෙනෙකු මේ වනවිට තුවාල ලබා ඇති අතර මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එරට ආරක්ෂක අංශ සඳහන් කළේය.