FAST NEWS

24×7 Around the Globe

පිලැන්ඩර්ට ශ්‍රී ලංකාව සමග දෙවන තරගය අහිමී වෙයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග හෙට (21) පොර්ට් එලිසබෙත්හිදි ආරම්භ විමට නියමීත දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය දකුණූ අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක වර්නන් පිලැන්ඩර් හට අහිමී වන බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කියයි.
පාදයේ සිදුවු අබාධයක් හේතුවෙන් ඔහුට දින 10 ක් 12 ක අතර කාලයක් පිටියෙන් ඉවත්ව සිටි යුතු බවට වෛදවරුන් නිර්දේශ කර ඇති බවත් පැවසේ.
ඔහු ශ්‍රී ලංකාව සමග පළමු ටෙස්ට් තරගයේදි කඩුළු 03 ක් දවා ගැනිමට සමත් විය.
මේ අනුව ඔහු වෙනුවට 21 හැවිරිදි මද වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වයන් මුඩ්ලර් සංචිතයට කැඳවා ඇති බවත්, ඒ අනුව මුඩ්ලර් හෙට (21) හෙට සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇති බවත් කියැවේ.