දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කුසල් ජනිත් පෙරේරා දියත් කළ ඉනිම මඟින් අනාගතයේදී විශේෂිත ක්‍රීඩකයකු බවට පත්වීමට ඔහුට අවශ්‍ය අධිෂ්ඨානශීලීභාවයත් ධෛර්ය සම්පන්න ක්‍රීඩා විලාසයත් ප්‍රදර්ශනය කළ බව බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි පිතිකරුවකු වන බ්‍රයන් ලාරා සිය නිල ‘ට්විටර්’ ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
“තරුණ කුසල් පෙරේරා එය විශිෂ්ට ඉනිමක්. එහිදී ඔබ අනාගතයේදී විශේෂිත ක්‍රීඩකයකු බවට පත්වීමට අවශ්‍ය අධිෂ්ඨානශීලී භාවයත් ධෛර්ය සම්පන්න ක්‍රීඩා විලාසයත් දක්ෂතාවත් පෙන්වූවා.” යනුවෙන් එම ටිවිටර් පණිවිඩයෙහි සඳහන් කර තිබෙප්.
දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයේදී කුසල් ජනිත් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු එක්ව ලකුණු 78ක සම්බන්ධතාවක් ගොඩනැගිමට සමත් වු අතර එය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු හඹා යමින් ජයගත් තරගයක අවසන් කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද වාර්තා අතරට එක් විය.
තවද ලකුණු හඹා යමින් ජයගත් තරගයක 04 වැනි ඉනිමේදී පිතිකරුවකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව (ලකුණු 153) සම කිරීමටද එහිදී කුසල් පෙරේරා සමත් විය.
එහිදී කුසල් විසින් සම කරන ලද්දේ 1999 වර්ෂයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී ලකුණු 311ක ඉලක්කයක් හඹා යමින් පන්දු 256කදී නොදැවී ලකුණු 153ක් ලබාගෙන බ්‍රයන් ලාරා පිහිටුවා තිබූ ලෝක වාර්තාවකි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.