FAST NEWS

24×7 Around the Globe

ඇවෙන්ජර්ස්හි සුපිරි වීරයන්ගේ ඇදුම් වෙනස් වෙයි…

එළැඹෙන අප්‍රේල් 26 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත ‘ඇවෙන්ජර්ස් ඊන්ඩ් ද ගේම්’ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මේ දිනවල කඩිනමින් සිදුවෙන බව වාර්තා වෙයි.
පසුගියදා ලෝ ප්‍රකට සිනමා වෙබ් අඩවියක් වන ‘ටයිම්ස් නව් නිව්’ වෙබ් අඩවිය පවසා ඇත්තේ අප්‍රේල් 26 වැනිදා තිරගත වන චිත්‍රපටයේ ‘ඇවෙන්ජර්ස්’ සුපිරි වීරයන්ගේ නිල ඇඳුම් වෙනස් වී ඇති බවයි.
පසුගිය වසරේ තිරගත වූ ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපටයට සම්බන්ධ නොවු ‘කැප්ටන් මාවල්’, ‘ඇන්ට් මෑන්’, ක්ලින්ට් බර්ටන් වැනි සුපිරි විරයෝ මෙම චිත්‍රපටය තුළ දක්නට ලැබෙන අතර, ඔවුන්ගේ නිල ඇඳුම්වල වෙනසක්ද මෙහි සිදුව තිබෙන බව සඳහන් වේ.
එමෙන්ම හල්ක්ටද මෙවර අලුත් නිල ඇඳුමක් ලැබී තිබෙන බවටද තොරතුරු වාර්තා වේ.