FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානය ජාත්‍යන්තරව හුදෙකලා කිරීමට ඉන්දියාව සැරසෙයි…

ඊයේ (15) දිනයේදී කාශ්මීරයේ ඉන්දීය පාලනයේ පවතින පුල්වාමා දිස්ත්‍රික්කයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 46 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසු පාකිස්තානය සමඟ පවතින සබඳතා සම්පූර්ණයෙන් අත්හරින බව ඉන්දියාව ප්‍රකාශ කර ඇත. 
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අරුන් ජෙට්ලි සඳහන් කළේ හැකි සියලු තානාපති පියවර රැගෙන පාකිස්තානය ජාත්‍යන්තරව හුදෙකලා කිරීමට කටයුතු කරන බවයි.
ජම්මු ප්‍රදේශයේ සිට ශ්‍රී නගර් බලා ධාවනය කරමින් තිබූ ඉන්දීය ආරක්ෂක අංශ රථ පෙළකට, මෝටර් රථයකින් පැමිණ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු මෙම ප්‍රහාරය සිදුකළේ ඊයේ පස්වරුවේයි.