FAST NEWS

24×7 Around the Globe

තෙවන දිනය අවසානයේ – ශ්‍රී ලංකාව ජයග්‍රහණයට 221 ක් පසු පසින්..

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ඩර්බන්හිදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ඊයේ (15) තෙවන දිනයට නිමා කරන විට, ලකුණු 305 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 03 ක් දැවි ලකුණු 83 ක් ලබා සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 221 ක් ලබා ගත යුතුය.
දිනය නිමා වන විට නොදැවි කඩුල්ලේ රැදි සිටි ඔසඳ ප්‍රනාන්දු ලකුණු 28 ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 12 ක් ලබා සිටියහ.
පන්දු යැවිමේදි රාබාඩා සහ පිලැන්ඩර් කඩුල්ල බැගින් දවාගෙන සිටියහ.
අද (16) තරගයේ සිවිවැනි දිනයයි.