FAST NEWS

24×7 Around the Globe

තෙවැනි දිනයේ දිවා ආහරයට – අප්‍රිකාව ලකුණූ 271 ක් ඉදිරියෙන්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඩර්බන්හිදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (15) තෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා අත්හිටුවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන දකුණූ අප්‍රිකා කණ්ඩායම කඩුලු 05 ක් දැවි ලකුණූ 227 ක් රැස් කරගෙන සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණූ 271 ක් ඉදිරියෙන් සිටිමට දකුණු අප්‍රිකාව සමත්ව සිටියි.
නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි ෆප් ඩු ප්ලෙසිස් ලකුණූ 72 ක් සහ වර්නන් පිලැන්ඩර් ලකුණු 12 ක් රැස් කරගෙන සිටියහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් ඇඹුල්දේණිය කඩුලු 03 ක් දවා ගෙන සිටියේය.
දකුණූ අප්‍රිකා පළමු ඉනිම – 235/10
ශ්‍රී ලංකා පළමු ඉනිම – 191/10
ලකුණූ පුරුව..