FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ආරක්ෂක අංශ වෙත එල්ල වූ ප‍්‍රහාරයකින් 44 ක් ජීවිතක්ෂයට..

ඉන්දියාවේ කාශ්මීර් ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ප්‍රාන්ත ආරක්ෂක නිලධාරීන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට අමතරව ප්‍රහාරයෙන් නිලධාරීන් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
ඉන්දියාවේ ප්‍රාන්ත ආරක්ෂක නිලධාරීන් 2500 ක් පමණ රැගත් බස් රථ පෙළකට පුපුරණ ද්‍රව්‍ය අඩංගු මෝටර් රථයක් ගැටීමට සැලැස්වීමෙන් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරක මෝටර් රථයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350 කට වැඩි ප්‍රමාණයක් තිබූ බවටත් සැක පළ කරයි.
මෙහි වගකීම පාකිස්ථානයේ ත්‍රස්තවාදී සංවිධානයක් භාරගෙන ඇති බවට එරට වාර්තා සදහන් කරයි.