FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි…

මෙක්සිකෝ දේශසීමාව හරහා ඉදිකිරීමට නියමිත ප්‍රාකාරය වෙනුවෙන් මුදල් රැස් කිරීම සදහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
රජයේ ආයතන වසා දැමීම වැලැක්වීමේ අරමුණින් ඩොනල්ඩ් ට්‍රම්ප් දේශසීමා ආරක්ෂක පනතට අත්සත් තැබීමට නියමිතයි.
ජනාධිපතිවරයා සූදානමින් සිටින්නේ කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව එරට ආරක්ෂක වියදම් මෙම ප්‍රාකාරය සදහා වැය කිරීමටයි.