කරට කර සටනක සිටින ඉන්දියාව හා ශ්‍රී ලංකාව තරගාවලියේ ජයග්‍රහණය උදෙසා අද (28 දා) තෙවන සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයට කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී සහභාගී වේ.
ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට පත්වූ විරාත් කෝලි පළමුවරට තරගාවලියක ජය සොයා යන අතරවාරයේදී ඇන්ජලෝ මැතිව්ස්ද ඉන්දියාවට එරෙහිව සිය නායකත්වය යටතේ පළමු වරට ටෙස්ට් තරගාවලියක ජය සොයා යන තීරණාත්මක තරගයද මෙය වේ.
ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ජය ගත්තද පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉන්දියාව ජය ගැනීම හේතුවෙන් දෙපිලටම තරගාවලියේ ජය මේ වන විට විවෘතව තිබේ.
අද තරගයේදී දෙපිලේම වෙනස්කම් කිහිපයක් සහිතව තරග වැදීම තරගයේ අලුත් සටනක පෙර නිමිත්තක් ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ නැංගුරමක් බඳු වූ කුමාර සංගක්කාර සමුගැනීමෙන් හිස්වන පුරප්පාඩුව මැතිව්ස්ට තදින්ම දැනෙන පළමු සටනද මෙය වේ.
“සංගක්කාර නැතිවීම පිරිමැසිය නොහැකි පාඩුවක්ව අපි ඒ වෙනුවට උපුල් තරංග යොදවන්න බලාපොරොත්තු වෙනවා. අංක තුන ස්ථානයේ උපුල් ක්‍රීඩා කරයිද තිරිමාන්න ක්‍රීඩා කරයිද කියලා කියන්න බැහැ. වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සම්පූර්ණයෙන් සුවය ලබා තිබෙනවා. කොහොම වුණත් අපි අද උදැසන තණ තීරුව බලල තමයි අවසන් සංචිතය තෝරන්නේ” යනුවෙන් ශ්‍රී ලංකා නායකයා පැවසීය.
දිගින් දිගටම අසාර්ථක වී සිටින ජෙහාන් මුබාරක්ව අද තරගයේ ස්ථානයක් හිමිවීම පිළිබඳව ශ්‍රී ලංකා නායකයා ස්ථිර අදහසක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියත් ඒ වෙනුවට කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් කුසල් පෙරේරා සතුව තිබේ.
කුසල් පෙරේරා ක්‍රීඩා කළහොත් ඔහුට කඩුලු රකින්නා වශයෙන් රාජකාරිය කිරීමට හැකියාවක් තිබුණත් දිනේෂ් චන්දිමාල්ට කඩුලු රකින්නාගේ රාජකාරියෙන් ඈත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නායකයා දෙගිඩියාවෙන් පසුවන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
කෙසේ වෙතත් ඉන්දියානු කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන රිදිමන් සා තවමත් නිත්‍ය සුවය ලබා නොතිබීම හේතුවෙන් මෙම තරගයේදී ලෝකේෂ් රාහුල් කඩුල්ල පිටුපස රාජකාරිය පැවරීමේ වැඩි අවස්ථාවක් තිබේ.
එසේ වුවහොත් ඔහු පිතිකරු ලැයිස්තුවේ පහළට යාමට සිදුවන අතර ඉදිරිපෙළ සඳහා ච්තීෂ්වර් පුජාරාට අවස්ථාව උදාවෙනු ඇත.
කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 38 කට සහභාගි වී ඉන් තරග 18 ක් ජයගෙන ඇති අතර තරග 6 ක් පරාජය වී තරග 14 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
අදාළ ක්‍රීඩාංගණයේදී තරග 7 කට සහභාගිවී ඇති ඉන්දීය කණ්ඩායම එක් තරගයක් ජයගෙන තරග දෙකක් පරාජයවී ඇති අතර ඉන් තරග 4 ක් ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.