FAST NEWS

24×7 Around the Globe

මහානගර අමාත්‍ය චම්පික රණවක සහ තානාපතිවරුන් අතර විශේෂ හමුවක්..

මහානගර අමාත්‍ය චම්පික රණවක මහතා සහ තානාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (12) වෝටර්ස් ඒජ් හෝටලයේදී සංවිධානය කර තිබුණි.
මෙම සාකච්ඡාව සදහා එංගලන්ත, ජපාන, කැනේඩියානු, දකුණු අප‍්‍රිකානු, තායිලන්ත, ඉතාලි, ස්විස්ටර්ලන්ත සහ නෙදර්ලන්ත තානාපතිවරුන් එක්විය.
මෙහිදී අමාත්‍යවරයා විසින් මහානගර අමාත්‍යාංශය මගින් ක්‍රි‍යාත්මක කරන මහානගර ව්‍යාපෘතින්හි ප‍්‍රගතිය පිළිබඳව සහ ඉදිරියේ ඇති ආයෝජන අවස්ථා පිළිබඳව තානාපතිවරුන් දැනුවත් කළේය.
එහිදී තානාපතිවරුන් විසින් මහානගර ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳව සිය ප‍්‍රසාදය එහිදී අමාත්‍යවරයා වෙත පලකළ සිටියේ ය.
ජපන් ආධාර මත කඩුවෙල සිට කොළඹ කොටුව දක්වා ක්‍රි‍යාත්මක කරන සැහැලු දුම්රිය සේවා ව්‍යාපෘතිය ක්‍රි‍යාත්මක කිරීම පිළිබඳව අමාත්‍යවරයා සහ ජපාන තානාපති අකිරා සුගයාමා මහතා අතර තොරතුරු හුවමාරු විය.
එහිදී චම්පික රණවක මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සඳහා ජපානයේ ජයිකා ආයතනයෙන් ඩොලර් මිලියන 1,850 ක මුදල සියයට දශම එකේ සහන පොලියට ලබාදීම පිළිබඳව තම ස්තූතිය ජපන් රජයට පිරිනමන බවයි.