FAST NEWS

24×7 Around the Globe

නවදිල්ලි නුවර හෝටලයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 09 ක් ජීවිතක්ෂයට..

ඉන්දියාවේ නවදිල්ලි නුවර , කැරල් බාග් දිස්ත්‍රික්කයේ අර්පිට් පැලස් හෝටලයේ අද (12) අලුයම 4.00 ට පමණ ඇති වූ ගින්නකින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළේ සංචාරකයන් අතර අති ප්‍රසිද්ධ මෙම හෝටලයේ ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 26ක් යොදා ගත් බවයි.
ඇතැමුන් ගින්නෙන් බේරීම සඳහා ඉන් ඉවතට පැන ඇති බවත්, තුවාල ලැබූවන් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.