FAST NEWS

24×7 Around the Globe

තමා හා චන්දිමාල් ඉවත් කිරිම ගැන හා අප්‍රිකා සංචාරය ගැන හතුරු කියයි..

තමාට හිමීව තිබු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරිම් කමීටුවේ වගකිම ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තේරිම් කමීටුව වෙත පමණක් පැවරීම ප්‍රශ්නාර්ථයක් බවත්, ඊට යම් හේතුවක් පැවතිය හැකි බවද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූරු චන්දික හතුරුසිංහ මහතා විදෙස් ක්‍රීඩා වෙබ් අඩවියක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමීන් ප්‍රකාශ කර තිබේ.
ඔස්ට්‍රේලියානු සංචාරය අතරමැදදි ගෙන තිබු එම ක්‍රියාමාර්ගය නිසි සන්නිවේදනයකින් තෝරව සිදුවුවක් බවත් ඉන් තමා කළ කිරිමකට පත් වු බවත් හෙතෙම සඳහන් කර තිබේ.
මෙ සම්බන්ධයෙන් පාලක මණ්ඩලයෙන් විමසා සිටියද ඊට නිසි පිළිතුරු නොළැඹුණූ බවද, අදාළ සම්මුඛ සාකච්ඡාවේදි ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමීන් හතුරුසිංහ මහතා වැඩි දුරටත් පවසා ඇත.
එසේම ටෙස්ට් කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් එම තනතුරින් ඉවත් කිරිම පිළිබඳව තමා විමතියට පත් වු බවත් මෙ සම්බන්ධයෙන් තමා දැනුවත් වි නොසිටි බවද හතුරුසිංහ මහතා සඳහන් කර තිබේ.
දකුණූ අප්‍රිකා ටෙස්ට් සංචාරයට එක්ව සිටින දිමුත් කරුණාරත්න,කුසල් මෙන්ඩිස්,නිරෝෂන් දික්වැල්ල හා ළහිරු තිරිමාන්න හොඳින් ක්‍රීඩා කරනු ඇති බව තමන් විශ්වාසය තබා ඇති බවද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූකරු චන්දික හතුරුසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.