කලක් ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි කාමුක චිත්‍රපට නිළියක් වන ඇන්ජලා ඇස්පන් පසුගිය දිනක වීඩියෝ පටයක් හරහා තම අත්දැකීම විස්තර කර ඇත.
ඇගේ සැබෑ නම ජෙසිකා නීලි වන අතර කාමුක චිත්‍රපට නිෂ්පාදන සමාගම් කීපයක සේවය කල බවත් එහිදී දැඩි නීතී රීති යටතේ රූගත කල චිත්‍රපට 40 කට වඩා වැඩි ප්‍රමාණයකට දායක වූ බවත් ඇය පවසයි.
නමුත් එහි ඇති කර්කශ බව සහ දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතය තුලින් යොවුන් ජීවිත බිලි ගන්නා බව ඇය පවසයි.
“කිසිදු යහළුවෙක් නෑ, පවුල් ජීවිතයක් නෑ. හැමදාමත් කරන්නේ එක් අතක සල්ලි මිටියක් අරගෙන අනෙක් අතේ අරක්කු බෝතලයක් අරගෙන ඇදට යෑම පමණයි. ඇතැම් අවස්ථාවන්හී සියදිවි නසා ගැනීමට සිතුන අවස්ථා බොහොමයි” යැයි සිය අත්දැකීම් හෙළි කරමින් ඇය පවසයි.
මේ පිළිබද තීරණයක් ගත් ඇය පසුව කාමුකචිත්රපට රඟපෑම අත්හැර දමා ඇති අතර ඊට නැඹූරු වන තරුණ ජීවිත බේරා ගැනීමට මැදිහත්ව කටයුතු කරන බවද පවසයි.
මේ වනවිට පීසා බෙදන්නියක් ලෙස රැකියාව කරන ජෙසිකා කවදාවත් නැවත පරණ රස්සාවට නම් යන්නෙ නැති බව පවසන අතර කාමුක චිත්‍රපට කර්මාන්තය නිසා අහිමි වූ පවුල එයින් මිදීමෙන් පසු නැවත් ලඟා කරගත් බව තවදුරටත් පවසා තිබේ.
පහත දැක්වෙන්නේ එම වීඩියෝ පටයයි
[youtube url=”https://www.youtube.com/watch?v=Bk23mL15qpA” width=”560″ height=”315″]








