FAST NEWS

24×7 Around the Globe

සුපිරි පොප් ගායිකා ලේඩි ගාගාට ගැමී සම්මාන උළෙලේ සම්මාන ත්‍රිත්වයක්…

අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ගැමී සම්මාන උළෙලේ 61 වන අදියර අති උත්කර්ශවත් අයුරින් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හිදී පැවැත්විය.
මෙවර ගැමී උළේලේදී සම්මාන ති‍්‍රත්වයක් හිමි කර ගැනීමට සුපිරි පොප් ගායිකා ලේඩි ගාගා සමත්වීම විශේෂත්වයක්.
මීට අමතරව වසරේ හොඳම පොප් ගායනය, වසරේ හොඳම යුග ගායනය මෙන්ම සුප‍්‍රකට ෂැලෝ ගීතය වෙනුවෙන් වසරේ හොඳම සංගීත වීඩියෝවට හිමි සම්මානය ද දිනා ගත්තේ ලේඩි ගාගායි.
මේ අතර වසරේ නවක කලාකරුවා ලෙසට හිමි සම්මානය සුපිරි පොප් ගායිකා දුවා ලීප් හිමිකර ගත්තාය.