FAST NEWS

24×7 Around the Globe

මැයි මස 01 වනදා සිට සති දෙකක් තුළ බඩඉරිඟු වගාව ආරම්භ කිරීමේ තීරණයක්..

සේනා දළඹු උවදුර පැතිරීම පාලනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ඊයේ (10) ප්‍රගති සමාලෝචන කමිටු රැස්වීමක් පැවැත්විය.
එහිදී මෙවර යල කන්නයේදී එනම් මැයි මස 01 වනදා සිට සති දෙකක් තුළ බඩ ඉරිඟු වගා කර අවසන් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය කේ.බී. ගුණරත්න කියා සිටියේ බඩඉරිඟු වගා කිරීමේදී පේළි අතර අඩි 04 ක පරතරයක් තබාගත යුතු බවට නිර්දේශ කිරීමට කටයුතු කරන බවයි.