FAST NEWS

24×7 Around the Globe

ලෝක වාර්තා දෙකකට හිමීකම් කීමට මාලිංගට වරමක්..

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග මාර්තු මාසයේදි පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේදි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කඩුළු 05 ක් දවා ගැනිමට සමත් වුවහොත්, අන්තර්ජාතික විස්සයි – 20 ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා විමට ඔහුට වරම් හිමීවනු ඇත.
ඒ අනුව මාලිංග විස්සයි – 20 ක්‍රිකට් තරග 70 කට ක්‍රීඩා කර කඩුළු 94 ක් ලබා ගනිමීන් කඩුලු ලාභීන්ගේ සටහනේ දෙවන ස්ථානයේ පසුව අතර එහි පළමු ස්ථානයේ සිටින පාකිස්ථාන හිටපු ක්‍රීඩක සහිඩ් අෆ්රීඩි තරග 96 කදී කඩුලු 98 ක් දවාගෙන සිටියි.
එසේම මාලිංග හට තවත් කඩුළු 06ක් දවාගතහොත් අන්තර්ජාතික විස්සයි – 20 ක්‍රිකට් පිටියේ කඩුලු 100 ක් ලබා ගත් පළමු ක්‍රීඩකයා විමේ වාර්තාවට හිමීකම් කියනු ඇත.
දකුණූ අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර විස්සයි – 20 තරගාවලිය මාර්තු මස 19-22-24 යන දිනයන්හි පැවැත්විමට නියමීතය.