FAST NEWS

24×7 Around the Globe

අංගොඩ ලොක්කත් ඩුබායිහිදි අත්අඩංගුවට.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මදූෂ්ගේ සමීපතම ජාවාරම්කරුවා වූ අංගොඩ ලොක්කා ඊයේ (10) පෙරවරුවේ එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
ඔහු ඩුබායි හි වෙනත් හෝටලයක සැඟවී සිටියදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවට පැවසෙන අතර හෙතෙම එම අවස්ථාවේ හෂීෂ් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට රුධිර සාම්පල පරීක්ෂාවකින් පසුව අනාවරණය වි ඇති බවද කියැවේ.
ඒ අනුව ඔහුව රදවාගෙන ප්‍රශ්න කෙරෙමීන් පවතින බවත් ඉදිරියේදි අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමීත බවත් පැවසේ.
එසේම පසුගියදා අත්අඩංගුවට පත්වු මධුෂ් ඇතුළු කණ්ඩායම ඊයේ (10) ඩුබායි අධිකරණයට ඉදිරිපත් කර තවදුරටත් මොවුන්ගෙන් ප්‍රශ්න කරගෙනයාම සඳහා ඩුබායි අධිකරණය මඟින් ඩුබායි පොලිසියට තවදුරටත් අවසර ලබාදී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කියයි.