නවසීලන්ත කණ්ඩායම සමග ඕක්ලන්ඩ්හිදි අද (08) පැවති දෙවන විස්සයි – 20 තරගයෙන් කඩුලු 07 ක ජයක් වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 08 ක් අවසානයේ ලකුණු 158 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 05 කදී ලකුණූ 162 ක් රැස් කරමීන් සිය ජයග්රහණය වාර්තා කළේය.
මේ අනුව තරග 03 කින් යුත් විස්සයි – 20 තරගාවලිය 1-1 ලෙස සම තත්වයට පත් විය.
ලකුණූ පුරුව..









