මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් සොහොයුරිය වන 67 හැවිරිදි රාජකන්‍යා කුමරිය තායි අගමැති ධුරය සඳහා තරඟ වදින බව ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය තායි රක්ෂ චාට් පක්ෂයේ අගමැති අපේක්ෂිකාව ලෙස තරඟ වැදීමට සූදානමින් සිටී.
රාජකීයන් දේශපාලනයට පිවිසීම විරල සිද්ධියක් වීම හේතුවෙන් එය තායිලන්ත ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සලකනු ලබයි.
තායිලන්ත මහමැතිවරණය මාර්තු 24 වනදා පැවැත්වෙයි.









