FAST NEWS

24×7 Around the Globe

මිරිස්සේ ඩොල්ෆින් නැරඹීමට ගිය විදේශිකයන්ගෙන් ඉහළ ආදායමක්…

 

විදේශිකයන්ගේ ඉමහත් ආකර්ශනයට පත් මිරිස්ස ආශ්‍රිත මුහුදේ තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීම සඳහා විදෙස් සංචාරකයන් වෙත හඳුන්වාදුන් නව ගාස්තුව හේතුවෙන් ඉහළ ආදායමක් හිමි වෙමින් පවතින බවට වාර්තා වේ.

හඳුන්වාදුන් මෙම ක්‍රමය යටතේදී මිරිස්ස ප්‍රදේශයේ මසුන් නැරඹීමට පැමිණෙන සංචාරකයෙකු ඩොලර් 15 ක මුදලක් ගෙවිය යුතුවේ.

ඒ සඳහා සහතිකයක් ලබාදීම අනිවාර්යය වන අතර, එසේම ඩොලර් 01 ක අමතර සේවා ගාස්තුවක්ද ඊට අයත් වේ.

පෙරේදා (05) දිනයේදී මෙම ආදායම රුපියල් ලක්ෂ 33 ක් වූ බවත්, ඊට පෙර දිනයේදී එහි ආදායම රුපියල් ලක්ෂ 28ක් වූ බවත් සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කරුණු දැක්වීය.