FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රිකා තාක්ෂණයෙන් කුඹුරු සිතියම්ගත කිරීම අරඹයි…

 

ලංකාවේ දැනට පවතින කුඹුරුවල සංඛ්‍යා ලේඛන දත්ත නොමැති වීම හේතුවෙන් කුඹුරු චන්ද්‍රිකා තාක්ෂණයෙන් පරිගණක සිතියම්ගත කිරීම ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

මෙම දත්ත නොමැතිවීම හේතුවෙන් පොහොර සහනාධාරය ලබාදීම, කුඹුරු සඳහා වගාහානි ලබාදීම මෙන්ම අපේක්ෂිත වාර්ෂික අස්වැන්න පිළිබඳ වාර්තා සැකසීමට ද බාධා එල්ල වී ඇත.

ඒ හේතුවෙන් චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන මෙරට කුඹුරු සිතියම්ගත කිරීමට පියවර ගත් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.