සිරියාවේ සහ ඉරාකයේ IS ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු බිම් සතියක් ඇතුලත මුදාගත හැකි වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
තවද IS ත්රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සන්ධානයේ සාමාජිකයන් අමතා විදේශික ත්රස්තවාදීන්ට ඇමෙරිකාවට ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බව ජනාධිපතිවරයා වොෂින්ටන් නුවරදී පවසා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ .
එම තිරසර ත්‍රස්ත මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ නම් IS ත්රස්තවාදීන් යළි නැගීසිටීමේ අවදානමක් ඇති බව ඇමෙරිකානු හමුදාව සහ බුද්ධි අංශ නිලධාරීන් පෙන්වා දෙයි.









