FAST NEWS

24×7 Around the Globe

අප්‍රිකාව සමග ටෙස්ට් සංචිතයට ඇන්ජලෝ මැතිව්ස්ව නම් නොකෙරෙයි..

නවසීලන්ත සංචාරයේදි අබාධයකට ලක්වු ඇන්ජලෝ මැතිව්ස් හට ලබන 13 න් වැනිදා, දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ආරම්භ විමට නියමීත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා වු සංචිතයට නම් නොකෙරනු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග කියයි.
ඔහුගේ අබාධ තත්වය පුර්ණ ලෙස සුව අතට පත් නොවීම හේතුවෙන් මෙසේ මැතිව්ස් හට ටෙස්ට් තරගාවලිය අහිමී වන බව කියැවේ.
කෙසේ වෙතත් මාර්තු මස 03 වැනිදා ආරම්භ විමට නියමීත තරග 05 කින් යුත් එක්දින තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වනු ඇති බවද පැවසේ.