මිහිතලය උණුසුම්වීමෙන් මේ සියවස අවසන්වීමට පෙර හිමාල කඳුවැටිය වසා ගත් ග්ලැසියර හෙවත් හිම තට්ටුවෙන් තුනෙන් දෙකක් හෝ දිය වනු ඇතැයි විද්‍යාඥයන් අනතුරු අගවයි.
එහිදී හිමාල සහ හින්දු කුෂ් කඳුවැටිවල ග්ලැසියර දියවීමෙන් ගංඟාවල පෝෂණය අඩාල විය හැකි අතර, එය ඉන්දියාවේ සිට චීනය දක්වා ගොවි බිම් අවදානමකට ලක් කරනු ඇත.
මිහිතලය උණුසුම් වන හරිතාගාර වායු මුක්තවීම පාලනය කිරීමට පියවර නොගත හොත් හිමාලයේ හිම තට්ටුවලින් තුනෙන් එකක් වසර 2100 වන විට අතුරුදන් වනු ඇති බව කාලගුණ විද්‍යාඥයන් 210 දෙනෙකු සකස් කළ වාර්තාවක දැක්වෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.









