FAST NEWS

24×7 Around the Globe

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය ගලවයි – නව නායකයා මෙන්න..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල පෙන්වන දුර්වල ක්‍රීඩා රටාව හේතුවෙන් ටෙස්ට් නායකත්වයේ වෙනසක් බොහෝ දුරට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
නිමාවූ නවසීලන්ත සංචාරයේදී සහ ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි පැවැසෙන අතර අදාළ වෙනස් කිරීම එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරයට පෙර සිදුවනු ඇතැයිද දැනගන්නට තිබේ.
එසේම මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (05) පැවැත්වෙන බව ඒ අනුව දිනේෂ් චන්දිමාල්ගේ ටෙස්ට් නායකත්වය දැනට ටෙස්ට් උප නායකත්වය හොබවන දිමුත් කරුණාරත්න හට පැවැරෙනු ඇතැයිද පැවැසේ.