ගූගල් සමාගම විසින් පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව මේ වසරේ අප්‍රේල් 02 සිට නවතා දැමීමට ගූගල් සමාගම තීරණය කර ඇත.
ඊට හේතුව ගූගල් ප්ලස් බාවිතා කරන්නන් අඩු මට්ටමක පැවතීමහා එම සේවය පාරිභෝගිකයින් බලාපොරොත්තුවන මට්ටමින් පවත්වාගෙන යාමට ඇති අභියෝග බව එම සමාගම පවසයි.
ඒ අනුව අප්‍රේල් 02 වනදා සිට දැනට පවතින ගූගල් ප්ලස් ගිණුම්, පිටු සහ ඒවායේ අන්තර්ගතයන් මකා දැමීම ආරම්භ කරනු ලැබේ.
ගූගල් සමාගම ඒවායේ අන්තර්ගතයන් ගිණුම් හිමියන් හට අප්‍රේල් මසට පෙර බාගත කර තබාගතහැකි බවද දැනුම් දෙයි.
එළැඹෙන පෙබරවාරි 04 වන දිනෙන් පසුව නව ගූගල් ප්ලස් ගිණුම් විවෘත්ත කළ නොහැකි බවත් එම සමාගම නිවේදනයක් මගින් වැඩිදුරටත් දැනුම්දෙනු ලබයි.










