ආමාශය ආශ්රිත ගැටිති සහ තුවාල හඳුනා ගැනීම සඳහා සුවිශේෂී ‘බෙහෙත් පෙත්තක්’ නිෂ්පාදනය කිරීමට ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
මෙම කුඩා පෙත්ත පානය කිරීමෙන් පසු එය ආමාශය තුළදී ‘පිංපොං’ බෝලයක ප්‍රමාණයට විශාල වන අතර මෙය ජෙලිමය ස්වභාවයක් ගනි.
ආමාශයික යුෂ මිශ්‍ර ජලය ස්පර්ශ වීමෙන් එම පෙත්ත මිනිත්තු 15ක් ඇතුළත පවතින විශාලත්වයට වඩා 100 ගුණයකින් විශාල වන බව විද්‍යාගාර පරීක්ෂණවලදී පෙනීගොස් ඇත.
මෙම ඖෂධය මාසයක කාලයක් ආමාශය තුළ ක්‍රියාකාරීව පවතින බව විද්‍යාඥ කණ්ඩායම සදහන් කරයි.
මෙය ඌරන් භාවිත කරමින් පරීක්ෂණයට ලක් කර ඇති අතර, මෙතෙක් මිනිසුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර නොමැත.
කැල්සියම් සංයෝගයක් පානය කිරීමෙන් මෙම පෙත්ත කලින් තිබූ ප්‍රමාණයට කුඩා වන අතර, එමගින් එය ආමාශයෙන් ඉවත් කළ හැකි බව විද්‍යාඥයින් පවස සිටියි.










