ජාතික නිදහස් දින උත්සවයට හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවනු ඇතැයි වාර්තා වෙයි.
නිදහස් දින උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා කරමින් ෆොන්සේකා මහතාට ආරාධනා පත්‍රයක් ඊයේ (31) වනතුරුද ලැබී නොතිබම මීට හේතුව බවත් පැවසේ.
තමාගේ තනතුරට අදාළ නිසි ගෞරවාචාර නොලැබෙන්නේ නම් නිදහස් දින උත්සවයට සහභාගි නොවන බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ අදහස වී ඇති බවත් පැවසේ.
ෆීල්ඞ් මාර්ෂල් නිලය දරන්නකුට ඊට අවශ්‍ය ගෞරවාචාර දැක්වීමට සියලු දෙනා බැඳී සිටින බවත් ලෝකය පුරාම ක්‍රියාත්මක වන්නේ ඒ තත්ත්වය බවද හෙතෙම පවසා ඇති බවත් කියැවේ.
නිදහස් දින උත්සවයේ පෙරහුරුවක් කොළඹ ගාලුමුවදොර පිටියේදී ඊයේ (31) පෙරවරුවේ පැවැත්වුණු අතර නිදහස් උත්සවයේදී පිළිගැනීමට ලක්වන ප්‍රමුඛතා ධුරාවලිය එහිදී ප්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවේදී සරත් ෆොන්සේකා මහතා නම සඳහන් නොවි ඇති බවත් කියැවේ.









