සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (31) මෙරටට පැමිණීමට නියමිතව ඇත.
මෙරිටන් මහතා සමඟ එරට අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිසක් ද ශ්‍රී ලංකා සංචාරයට එක්වීමට නියමිතය.
මෙම සංචාරය තුළදී උප ජනාධිපතිවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.








