FAST NEWS

24×7 Around the Globe

සීෂෙල්ස් උප ජනාධිපති දෙදින නිල සංචාරයක් සදහා අද (31) දිවයිනට..

 

සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (31) මෙරටට පැමිණීමට නියමිතව ඇත.

මෙරිටන් මහතා සමඟ එරට අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිසක් ද ශ්‍රී ලංකා සංචාරයට එක්වීමට නියමිතය.

මෙම සංචාරය තුළදී උප ජනාධිපතිවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.