FAST NEWS

24×7 Around the Globe

ඉන්දී්‍යාව පරදා නවසීලන්තය කඩුළු 08 ක දැවැන්ත ජයක් ලබයි..

 

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග හැමීල්ටන්හිදි අද (31) පැවති සිව්වැනි එක්දින තරගයෙන් කඩුළු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරිමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 30 යි පන්දු 05 කදී සියළු දෙනා දැවි ලබාගැනිමට හැකිවුයේ ලකුණු 92 ක් පමණි.

ඒ අනුව ලකුණූ 93 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 04 කදී සිය එය සක්ෂාත් කර ගැනිමට සමත් විය.

මෙහිදි නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නියැලුණ ට්‍රෙන්ට් බොල්ට් ලකුණූ 21 කට කඩුළු 05 ක් දවා ගැනිමට සමත්විය.

මෙම තරගය ඉන්දීය නිත්‍ය නායක විරාත් කෝලී සහභාගී නොවු අතර කණ්ඩායම මෙහෙයවිමේ වගකීම රෝහිත් ශර්මා වෙත පැවරී තිබුණි.

කෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-1 ලෙස ඉන්දීය කණ්ඩායම පෙරමුණ ගෙන සිටියි.

දෙරට අතර අවසන් තරගය ලබන 03 වැනිදා වෙලිංටන්හිදි පැවැත්විමට නියමීතය.